නිතර අසන පැන

මුල් පිටුව / නි.අ.පැ.

අපගේ සේවාවන් පිළිබදව තවත් දැනගන්න

ඔබ අපෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාවන් ලබා ගන්නේ කෙසේද යන්න. පහත Links මගින් දැනගන්න

රාජ්‍ය සේවයෙන් නිදහස් කිරීමක් (මුදාහැරීමක්) සිදුකිරීමේදී අවශ්‍ය කරන ලියවිලි මොනවා?


1. සම්පූර්ණ කරන ලද අංක 10 පරිශිෂ්ටය
2. සේවයෙන් නිදහස් කිරීම ඉල්ලුම් කරන නිලධාරියාගේ ඉල්ලීම් ලිපිය.
3. ආයතන ප්‍රධානියා විසින් අදාළ නිලධාරියාගේ සේවයෙන් නිදහස්වීම නිර්දේශිත ලිපිය
4. අදාළ නිලධාරියාගේ සේවයෙන් නිදහස්වීම අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය සහිත ලිපිය
5. විනය පරික්ෂිණ නොමැති බව සඳහන් ලිපිය
6. විගණන විමසුම් නොමැති බව සඳහන් ලිපිය
7. නව තනතුරෙහි පත්වීම් ලිපියෙහි පිටපතක්
8. නව තනතුරට අයදුම් කරන ලද අයදුම්පතෙහි පිටපතක්
9. දැනට දරන තනතුරෙහි පත්වීම් ලිපියෙහි පිටපතක්
10. සේවයෙන් නිදහස් වන නිලධාරීයා රජය මගින් ණය ලබා තිබේ නම් සේවයෙන් නිදහස්වන දිනට එම සියලු ණය පිළිබඳව විස්තරය සහ එම ණය නිදහස් කර ගන්නා ආකාරය ආයතන ප්‍රධානියා මගින් පැහැදිලිව සඳහන් කර ඉදිරිපත් කල යුතුය.
11. සේවයෙන් නිදහස්වන නිලධාරියා භාරයේ ඇති සියලුම බඩු බාහිරාදිය නිසිපරිදි භාරදී ඇති බව සඳහන් ලිපිය
12. සේවයෙන් නිදහස් කිරීමකදී යතුරුපැදි ලබාගත් ක්ෂේත්රද නිලධාරීන් සඳහා පිරිමි යතුරුපැදි වෙනුවෙන් කළ මූලික අයකිරීම රු.50000.00 ද කාන්තා යතුරු පැදි සඳහා රු.45000.00 ට අමතරව එම යතුරු පැදියේ වෙළඳපොළ වටිනාකම් මුදල පියවා ලබාගත් ලදුපතෙහි සහතික කරන ලද පිටපත.
උක්ත කරුණු සම්පූර්ණ ලිපිය දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා මා වෙත යොමු කළ යුතුයි.

රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමක් සිදුකිරීමේදී අවශ්‍ය කරන ලියවිලි මොනවාද ?

1. ආයතන ප්‍රධානියා විසින් අදාළ නිලධාරියාගේ සේවයෙන් ඉල්ලා අස්වීම නිර්දේශිත ලිපිය
2. අදාළ නිලධාරියාගේ සේවයෙන් ඉල්ලා අස්වීම අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය සහිත ලිපිය
3. විනය පරික්ෂිණ නොමැති බව සඳහන් ලිපිය
4. විගණන විමසුම් නොමැති බව සඳහන් ලිපිය
5. සේවයේ සිටියදී රජයේ වියදමින් පාඨමාලා හදාරා තිබීම මත,සේවයේ යෙදී සිටිය යුතු ගිවිසුම්වලට එළඹ ඇති ද යන්න සඳහන් ලිපිය.
6. සේවයෙන් නිදහස් වන නිලධාරීයා රජය මගින් ණය ලබා තිබේ නම් සේවයෙන් නිදහස්වන දිනට එම සියලු ණය පියවා ඇති බව සඳහන් ලදුපතෙහි මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
7. සේවයෙන් ඉල්ලා අස්වන නිලධාරියා භාරයේ ඇති සියලුම බඩු බාහිරාදිය නිසි පරිදි භාරදී ඇති බව සඳහන් ලිපිය
8. දැනට දරන තනතුරෙහි පත්වීම් ලිපියේ පිටපතක්
9. සේවයෙන් ඉල්ලා අස්වීම ඉල්ලුම් කරන නිලධාරියාගේ ඉල්ලීම ලිත් මසකට කලින් සිදුකර නොමැති නම්,මසක වැටුප ගෙවා,එම ලදුපතෙහි මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය..
10. සේවයෙන් ඉල්ලා අස්වීවීමේදී යතුරුපැදි ලබාගත් ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා පිරිමි යතුරුපැදි වෙනුවෙන් කළ මූලික අයකිරීම රු.50000.00 ද කාන්තා යතුරු පැදි සඳහා රු.45000.00 ට අමතරව එම යතුරු පැදියේ වෙළඳපොළ වටිනාකම් මුදල පියවා ලබාගත් ලදුපත.
උක්ත කරුණු සම්පූර්ණ ලිපිය දකුණු පළාත් රාජ්යව සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා මා වෙත යොමු කළ යුතුයි.

සාමාන්‍ය ස්ථාන මාරුවක් ලබා ගැනීමට නම් කුමක් කළ යුතුද?

1. 2017.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි දකුණු පළාත් සභාවේ නිලධාරීන්ගේ ස්ථාන මාරු ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව අයදුම්පතක් හඳුන්වා දී ඇත.
2. එම අයදුම්පත්‍රය දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය වෙබ් අඩවිය මගින් බාගත කිරීම සිදුකළ හැක.
3. එම ස්ථාන මාරු අයදුම්පත ප්‍රකාරව තොරතුරු සියල්ල සම්පූර්ණ කර අදාළ ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව නිසි නිල මගින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත එවීමට කටයුතු කළ යුතුය.

නිලධාරීන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සුහද ස්ථාන මාරුවක් ලබා ගැනීමට නම් කුමක් කළ යුතුද??


1. අංක 01 මගින් දක්වා ඇති ස්ථාන මාරු අයදුම්පතේ අංක 20 – 22 දක්වා වූ කොටස් වල “සුහද ස්ථාන මාරු ඉල්ලුම් කර ඇති නිලධාරියා සමඟ සිදුකිරීම” යන නිර්දේශය සහිතව හා සුහද ස්ථාන මාරුව අපේක්ෂිත නිලධාරීන්ගේ කැමැත්ත ප්රිකාශිත ලිපි දකුණු පළාත් ප්‍රධාන ලේකම් වෙත එවීමට කටයුතු කළ යුතුය..
2. මෙහිදී කාර්ය පටිපාටික රීති 223 කෙරෙහි අවධානය යොමු කෙරේ. ඒ අනුව, රීති අංක 223.(iv) සම්පූර්ණ කර තිබිය යුතුය. .
1. පූර්ව සේවා ස්ථානය වෙත ස්ථාන මාරු ගැලපීම් නොකරන අතර, විශේෂ අවස්ථා වලදී පමණක් සලකා බලනු ලැබේ.

1. ප්‍රධාන ලේකම් පත්වීම් බලධාරියා වන තනතුරක නිලධාරීන්ට පමණක් අයඳුම් කල හැකි අතර CSS/03/02/FO1 ආකෘති පත්‍රය අදාළ නිර්දේශ සහ ලිපි ලේඛන සමඟ ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතු ය.
2. මෙහි දී එක් එක් ශ්රේ ණිවලට අදාළ පොරොත්තු ලේඛනය අනුව අදාළ සුදුසුකම් සපුරන නිලධාරීන් සඳහා නිල නිවාස වෙන්කර දෙනු ලැබේ..