ප්‍රධාන ලේකම් කාර්යාලයේ ඓතිහාසික විකාශය

මුල් පිටුව / ඓතිහාසික විකාශය

ප්‍රධාන ලේකම් කාර්යාලය (සංවිධාන පසුබිම)

දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලය පිහිටා තිබෙන්නේ දකුණු පළාතේ අගනගරය වන ගාල්ල නගරයේය.

සංචාරකයන්ගේ සිත්ගත් සුන්දර මුහුදු වෙරළකින් ද ලෝක උරුමයන් වශයෙන් සැලකෙන නිවර්ථන වැසි වනාන්තරයක් වූ සිංහරාජ අඩවියෙන්ද යටත් විජිත වාදයේ නෂ්ඨාවශේෂයක් ලෙස ඉතිරි වී ඇති කොටු පවුරු වලින්ද පෙරදිග හා අපරදිග එක් කරන මුහුදු මාර්ගයේ වැදගත් තොටුපලක් වූ ගාලු වරායෙන්ද සමන්විත වූ, එමෙන්ම දිගු ඉතිහාසයකට හිමිකම් කියන දකුණු පළාතේ අගනගරය වන ගාල්ල නගරයේ දකුණු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලය ස්ථානගත වී ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් දකුණු පළාත් සභාව වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අධිකාරී ආයතන මගින් ඉටුකරන කාර්යයන් නිසිපරිදි ඉටුවන බව අධීක්ෂණය කිරීම, එම ආයතන විසින් දියත් කරනු ලබන කාර්යයන් සම්බන්ධීකරණය කිරීම, මූල්‍ය හා භෞතික සම්පත් සංවර්ධනය සහ මානව සම්පත් කලමණාකරණය කිරීම, පුහුණු කිරීම මෙහෙවර කරගත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දකුණු පළාත් සභාවේ ආයතන පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් දකුණු පළාත් සභාව වෙත පැවරී ඇති බලතල අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අධිකාරී ආයතන මගින් ඉටුකරන කාර්යයන් නිසි පරිදි ඉටුවන බව අධීක්ෂණය කිරීම, එම ආයතන විසින් දියත් කරනු ලබන කාර්යයන් සම්බන්ධීකරණය කිරීම, මූල්‍ය හා භෞතික සම්පත් සංවර්ධනය සහ මානව සම්පත් කලමණාකරණය කිරීම, පුහුණු කිරීම මෙහෙවර කරගත් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දකුණු පළාත් සභාවේ ආයතන පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වේ.