මුල් පිටුව / ඵලදායිතාවය

ඵලදායිතාවය සහ ISO තත්ත්ව සහතිකය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ 2020 තරඟයට ඉදිරිපත් ව, අන්තර් අමාත්‍යාංශ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට හැකියාව ලැබී ඇත. 2007,2008 වර්ෂවල අන්තර් පළාත් සභා අමාත්‍යාංශ කාණ්ඩය යටතේ කුසලතා සහතික දිනා ගනිමින් ජයග්‍රාහී මඟක ගමන් කරමින් 2013 වර්ෂයේ තුන්වන ස්ථානය ද 2014, 2015 සහ 2018 වර්ෂවල පිළිවෙළින් අන්තර් අමාත්‍යාංශ කාණ්ඩය යටතේ දෙවන ස්ථානය ද ජයග්‍රහණය කළ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය 2020 වර්ෂයට අදාළව පවත්වන ලද තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය සඳහා මෙහෙයවීම සිදු කළ හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර් .සී.ද සොයිසා මහතා සහ ඒ වෙනුවෙන් කැප වූ සමස්ත කාර්ය මණ්ඩලය ද කෘතවේදීව සිහිපත් කරමි.මෙම ජයග්‍රහණය ට අදාළ සම්මානය පසුගියදා අරලියගහ මන්දිරයේ දී පිරිනමන ලද අතර එම අවස්ථාවට වත්මන් දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන් මහතා ප්‍රධාන නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය දකුණු පළාත තුළ ඵලදායිතා ප්‍රවර්ධනය සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ එක්ව ඵලදායිතා සහතික පත්‍ර පාඨමාලාව දකුණු පළාතේ ආයතනයන්හි නිලධාරීන් සඳහා නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දී ඇති අතර, විවිධ අවස්ථාවන්හි දී දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වනු ලැබේ. එම ක්‍රියාකාරකම් වල ප්‍රගතිය ලෙස, 2015 වර්ෂයේ දී ජාතික ඵලදායිතා තරඟය සඳහා ඉදිරිපත් වූ ආයතන සංඛ්‍යාව 170 ක් වූ අතර, එය 2018 වර්ෂයේ දී 286 ක් විය. එම ආයතන අතරින් 2015 වර්ෂයේ දී ස්ථානීය පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ ආයතන සංඛ්‍යාව 135 ක් වූ අතර, 2018 වර්ෂයේ දී එය 181 දක්වා වැඩි වී ඇත. එමෙන් ම 2015 වර්ෂයේ දී ජයග්‍රහනය හිමි වූ ආයතන සංඛ්‍යාව 122 ක් වූ අතර, 2018 වර්ෂයේ දී එම සංඛ්‍යාව 159 ක් දක්වා වර්ධනය වී ඇත.

2015 වර්ෂයේ දී ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියට ඉදිරිපත් ව ජයග්‍රහණ ලබාගත් ආයතන වෙත, පළාත් ඵලදායිතා සම්මාන උළෙලක් පවත්වා එම ආයතනයන් අභිප්‍රේරණය සඳහා මුල්‍යමය ත්‍යාග (රුපියල් 9650000.00) ද ලබාදෙන ලදි.

iso 9001:2008 තත්ත්ව කළමනාකරණ සහතිකය 2013/2014, 2015/2016 සහ 2017 වර්ෂයන්හි ලබාගෙන ඇති අතර, iso 9001:2018 තත්ත්ව කළමනාකරණ පද්ධතිට අදාළව සහතිකය ලබාගැනීම සඳහා මේ වන විට මූලික කටයුතු සූදානම් කරමින් පවතී.







අපගේ ඵලදායිතා සංවර්ධන ප්‍රගතිය

අප ආයතනයේ ඵලදායිතා සහ iso තත්ත්ව සහතිකයන්හි ප්‍රගතිය පහත පරිදි ලබාගන්නා ලදි.

100%
ඵලදායිතා සංවර්ධනය - 2020
80%
ඵලදායිතා සංවර්ධනය - 2018
75%
iso තත්ත්ව සංවර්ධනය - 2018
65%
iso තත්ත්ව සංවර්ධනය - 2017