පිරිස් අංශය

සේවක කළමනාකරණය ඇතුළු දක්ෂිණ පළාත් සභාවේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධීකරණය කිරීම සඳහා පිරිස් ශාඛාව වගකිව යුතු ය. බඳවා ගැනීම, ස්ථානගත කිරීම, විදේශ පත්‍ර සහ විනය පරිපාලනය පිරිස් අංශයේ කාර්ය භාර්ය වෙයි

අපගේ දැක්ම

අපගේ දැක්ම

මානව සම්පත් කළමනාකරණය තුළින්, සමෘද්ධිමත් දකුණු පළාතක් බවට පත්කිරිම.

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

ඵලදායිතාවය හා කාර්යක්ෂම මානව සම්පත් කළමනාකරණය තුළින් දකුණු පළාතේ ආර්ථික හා සමාජ සංවර්ධනය වැඩි දියුණු කිරීම.

අපගේ අගයයන්

අපගේ අගයයන්

සාධාරණීකරණය, කාර්යක්ෂමතාව, ඵලදායිතාවය, විනිවිදභාවය, ප්‍රතිචාර දැක්වීම, සන්නිවේදනය, ක්‍රියාකාරීත්වය

බඳවා ගැනීම සහ ස්ථානගත කිරීම


පුරප්පාඩු පිරවීම සඳහා අනුමැතිය ලබා ගැනීම සදහා ගරු ආණ්ඩුකාර, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් අනුමැතිය ලබාගැනීම

රාජ්‍ය කළමනාකරණ සේවය, සංවර්ධන නිලධාරී, කාර්යාල කාර්ය සහායක, රියදුරන්, තොරතුරු තාක්ෂණ නිලධාරී, විගණන නිලධාරීන් බඳවා ගැනීම

ස්ථාන මාරුවීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, සියලුම දීප ව්‍යාප්ත සේවා ස්ථානගත කිරීම.

විශ්‍රාමික නිලධාරීන් නැවත සේවයේ යෙදවීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.

අන්තර් පළාත් මාරුවීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම

පළාත් සේවක තොරතුරු පවත්වා ගැනීම


කාර්ය මණ්ඩල සමාලෝචන සඳහා සියලුම දකුණු පළාත් ආයතන සම්බන්ධීකරණය කිරීම

සේවක සංඛ්‍යාව නිර්මාණය කිරීම, පාලනය කිරීම සහ සංශෝධනය කිරීම නිර්දේශ කිරීම

යාවත්කාලීන කරන ලද සේවක තොරතුරු අදාළ බලධාරීන්ට ඉදිරිපත් කිරීම.

දකුණු පළාත් ආයතනවල බඳවා ගැනීම් සහ ප්‍රවර්ධන ක්‍රියා පටිපාටි පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම.

විනය පරිපාලනය


විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම, චෝදනා පත්‍ර නිකුත් කිරීම, විමර්ශන නිලධාරීන් පත් කිරීම, නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීම, නිලධාරීන් ආරක්ෂා කිරීම, දඩුවම් පැනවීම

තනතුරේ පුරප්පාඩුවලට එරෙහි අභියාචනා සම්බන්ධ කරුණු හැසිරවීම

ඔම්බුඩ්ස්මන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, විමසීම් සහ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහාය ලබා දීම. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මහජන පෙත්සම් කමිටුව, පාර්ලිමේන්තු ජනාධිපති විමසුම් ඒකකය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම.

පුහුණුව සහ සංවර්ධනය


කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනය, දකුණු පළාත විසින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් සඳහා ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්ය මංඩලය යොමු කිරිම

විදේශීය රාජකාරි නිවාඩු සඳහා අනුමැතිය ලබා දීම

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය අනුව පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ප්‍රතිපාදන නිදහස් කිරීමට අනුමැතිය ලබා දීම

විදේශීය ශිෂ්‍යත්ව සහ විදේශ සංචාර වලට අදාල රාජකාරි.

වෙනත් පුහුණු ආයතන, විශ්ව විද්‍යාල ආදිය විසින් පවත්වනු ලබන පුහුණු වැඩසටහන් සඳහා නිලධාරීන් යොමු කිරිම

අනාගත සැලැස්ම

පිරිස් අංශයේ නිළධාරීන්