ආයතන අංශය

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ආයතන අංශය තුළින් දකුණු පළාතේ සියළුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වල සේවය කරන ඒකාබද්ධ සේවාවට අයත් නිලධාරීන්ගේ සියළුම ආයතන කටයුතු සිදු කිරීම හා දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධාරීන්ගේ සියළුම ආයතන කටයුතු සම්බන්ධව සම්බන්ධිකරණ කාර්ය සිදු කරනු ලබයි. මෙහි අංශ ප්‍රධාන සහකාර ප්‍රධාන ලේකම් (ආයතන) වන අතර එම තනතුර නියෝජනය ප්‍රධාන ලේකම් (පාලන) හා ප්‍රධාන ලේකම් වෙත වගකීමට බැඳ සිටි. මෙම අංශය මඟින් තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම,පෞද්ගලික විදේශ නිවාඩු අනුමත කිරීම හා දීමනා ලබා දීම, වැඩ බැලීමේ දීමනා අනුමත කිරීම ආදී කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි. එසේම දකුණු පළාතේ රාජ්‍ය නිලධාරීන්ගේ ආයතනික ගැටළු, චක්‍රලේඛ, ලිපි ගැටළු සම්බන්ධයෙන් සෘජුව රාජ්ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතනය අධ්‍යක්ෂ ජනරාල් හා සම්බන්ධ වෙමින් ඊට විසදුම් ලබා දීම ද මෙම අංශය මඟින් සිදු කරනු ලබයි. නිවැරදි පරිපාලන විධි විධාන, ආයතන සංග්‍රහය, චක්‍රලේඛ, වලට අනුගත වෙමින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීමට මෙම අංශය නිරන්තරයෙන් තම කාර්යභාරය නොපිරිහෙලි ඉටු කරනු ලබයි.

අපගේ දැක්ම

අපගේ දැක්ම

කාර්යක්ෂම ආයතන ක්‍රියාවලියක් තුළින් ඵලදායී රාජ්‍ය සේවයක්

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

නිවැරදි ප්‍රතිපත්තීන් , නිතීරිතී, ව්‍යාවස්ථා, පරිපාලන විධිවිධාන නිසි ලෙස ක්‍රියාත්මක කරමින් සාධාරණ විනිවිද භාවය තුළින් කාර්යක්ෂම සේවාවක් සපයමින් දකුණු පළාත් රාජ්‍ය සේවක තෘප්තිය ඉහළ නැංවීම.

අපගේ අගයයන්

අපගේ අගයයන්

සාධාරණත්වය / කාර්යක්ෂමතාවය /ඵලදායීතාවය /විනිවිදභාවය /ප්‍රචාරාත්මකබව / සන්නි‍වේදනය / ක්‍රියාකාරීත්වය

අංශයේ ප්‍රධාන කාර්යයන්


දකුණු පළාත් කළමනාකරණ සේවා නිලධාරී තනතුරට අදාල සියඵම ආයතනික කටයුතු.

වාහන බලපත්‍ර හිමි දකුණු පළාත තුළ සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා වෙළඳ ආයෝජන හා ප්‍රතිපත්ති චක්‍රලේඛ අනුව සහනදායි පදනම මත වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ කටයුතු

ඒකාබද්ධ කාර්යාල සේවක සේවය හා රියදුරු සේවයට අදාල සියලු ආයතනික කටයුතු.

දකුණු පළාත් රාජ්‍ය සේවයේ වෛද්‍ය සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, සංවර්ධන නිලධාරි සේවය, රාජ්‍ය කලමනාකරණ සේවය, සහ දෙපාර්තමේන්තුගත නිලධාරින් කණිෂ්ඨ සේවකයින් නිලධාරින්ගේ පෞද්ගලික විදේශ නිවාඩු සම්බන්ධ කටයුතු සිදු කිරිම

දකුණු පළාත තුළ සේවය කරනු ලබන ශ්‍රි ලංකා පරිපාලන සේවය, ශ්‍රි ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රි ලංකා ක්‍රමසම්පාදන සේවය, ඉංජිනේරු සේවය, දකුණු පළාත් රාජ්‍ය කළමණාකරණ සහකාර අධි ශ්‍රේණිය යන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපි ගොනු සම්බන්ධ සියළු ආයතනික කටයුතු.

ඉහත නිලධාරීන් සියළු ආයතනික කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සම්බන්ධීකරණ කටයුතු සමඟ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙතින් සම්පූර්ණ කලයුතු අනෙකුත් ආයතනික කටයුතු.

දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන්ගේ සියළු ආයතන කටයුතු

දකුණු පළාත් සභාවේ සේවය කරන දෙපාර්තමේන්තු ගත නිලධාරීන්ගේ ආයතන කටයුතු

දකුණු පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ නිලධාරීන්ගේ සියළුම ආයතන කටයුතු

අංශයේ අනාගත සැලසුම්

දකුණු පළාතේ සියළුම අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු වල සේවය කරන ඒකාබද්ධ සේවාවට අයත් නිලධාරීන්ගේ හා දීප ව්‍යාප්ත සේවාවන්ට අයත් නිලධාරීන්ගේ සියළුම තොරතුරු ඇතුලත් දත්ත පද්ධතියක් සැකසීම සඳහා තොරතුරු ලබා ගනිමින් පවතින අතර, ඒ තුලින් එම සියළුම සේවාලාභින් වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට කටයුතු කිරීම

සේවාවන් සදහා වන පුරවැසි ප්‍රඥප්තිය


තනතුරු ස්ථිර කිරීම. - සුදුසුකම් සම්පූර්ණ කිරීම මත සතියක් තුළ ස්ථිර කිරීමේ ලිපිය නිකුත් කිරීම.

තනතුරු උසස් කිරීම. - අවශ්‍යතා සපුරා ගැනීම මත සතියක් තුළ උසස් කිරීමේ ලිපිය නිකුත් කිරීම.

විශ්‍රාම ගැන්වීම අනුමත කිරීම. - සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් විශ්‍රාම යන දිනට මාස තුනකට පෙර අදාල ඉල්ලීම් යොමුවු විට දින 03ක් තුල විශ්‍රාම ගන්වනු ලබන ලිපිය නිකුත් කිරීම.

වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම. - සුදුසුකම් සපුරා ඇති නිලධාරීන්ට අවශ්‍යතාවය පරිදි දින 03ක් තුල බලපත්‍ර නිකුත් කිරීම.

පෞද්ගලික විදේශ නිවාඩු අයදුම්පත් අනුමත කිරීම. -පෞද්ගලික රැකියා, පෞද්ගලික සංචාර සඳහා සහ වැටුප් රහිත අධ්‍යයන විදේශ නිවාඩු අයදුම්පත් අඩුපාඩු රහිත නම් දින 02 ක් තුල අනුමත කිරීමේ ලිපිය නිකුත් කිරීම.

කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම. - අදාල කාල සීමාව තුළ වසරකට දෙවරක් නියමිත පරිදි පලාත් රාජ්‍ය සේවයේ රියදුරු හා කාර්යාල කාර්ය සහායකයින් සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම.

කාර්යක්ෂමතා කඩඉම් සඳහා අදාල සහන ලබාදීමේ කටයුතු. - සහන ලබා ගැනීම සඳහා ඉදිරිපත් වන ඉල්ලීම් දින 02 ක් තුල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ‍යොමු කිරීම.

දීප ව්‍යාප්ත සේවාවන් වලට අදාල නිලධාරීන්ගේ ආයතනික කටයුතු. - දීප ව්‍යාප්ත සේවා නිලධාරීන්ගේ සේවය ස්ථිර කිරීම්, උසස් කිරීම් හා විශ්‍රාම ගැන්වීමට අදාල ඉල්ලීම් දින 02 ක් තුල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා සම්බන්ධීකරණය කිරීම.

වැඩ බැලීමේ දීමනා අනුමත කිරීම. අඩුපාඩු රහිතව ඉදිරිපත් කර ඇති වැඩ බැලීමේ ඉල්ලීම් සඳහා දින 03 ක් තුල දීමනා අනුමත කිරීමේ ලිපිය නිකුත් කිරීම.

භාෂා දීමනා අනුමත කිරීම. - සුදුසුකම් සපුරා ඇති නිලධාරීන්ගේ භාෂා දීමනා ඉල්ලීම් සඳහා දින 03 ක් තුල දීමනා අනුමත කිරීමේ ලිපිය නිකුත් කිරීම.

ආයතන අංශයේ සේවයේ නියුතු නිළධාරීන්