සංඛ්‍යා ලේඛන අංශය

නිවැරදි තීරණ ගැනීම සඳහා සංඛ්‍යාන තොරතුරු සංඛ්‍යාලේඛන අංශය සැපයීම සහ දකුණු පළාතේ සංවර්ධන ක්‍රියාවලිය සහ දකුණු පළාතේ කාලෝචිත අවශ්‍යතා පිළිබඳව වැදගත්වන සමීක්ෂණ පැවැත්වීම.

අපගේ දැක්ම

අපගේ දැක්ම

සමෘද්ධිමත් දකුණු පළාතක් සඳහා නිවැරදි සංඛ්‍යාලේඛන සැපයීම.

අපගේ මෙහෙවර

අපගේ මෙහෙවර

දත්ත රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම සහ විශ්ලේෂණය තුළින් නිවැරදි සංඛ්‍යාන තොරතුරු සැපයීම.

අපගේ අගයන්

අපගේ අගයන්

සාධාරණත්වය / කාර්යක්ෂමතාවය /ඵලදායීතාවය /විනිවිදභාවය /ප්‍රචාරාත්මකබව / සන්නි‍වේදනය / ක්‍රියාකාරීත්වය

අංශයේ ප්‍රධාන කාර්යයන්


වාර්ෂික සංඛ්‍යානමය නිබන්ධනය සකස් කිරීම

දකුණු පළාතේ වැදගත් තොරතුරු නිර්මාණාත්මකව ඉදිරිපත් කිරිම

පළාත් සභා කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම

දකුණු පළාතේ මාණ්ඩලික නිලධාරීන්ගේ දුරකථන අංක අඩංගු දුරකථන නාමාවලිය සකස් කිරීම.

සංඛ්‍යාන දත්ත පත්‍රිකාව සකස් කිරීම (ඉංග්‍රීසියෙන්)

දකුණු පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන වාර්ෂික හා අර්ධ වාර්ෂික රාජ්‍ය සේවක තොරතුරු සමීක්ෂණය.

අනාගත සැලැස්ම

ගූගල් පෝරම භාවිතා කරමින් සංඛ්‍යාලේඛන අංශය සඳහා වෙබ් පිටුවක් ස්ථාපිත කිරීම සහ සියලුම ආයතන සඳහා මාර්ගගත දත්ත ඇතුළත් කිරීමට පහසුකම් සැපයීම.

සංඛ්‍යාලේඛන තොරතුරු අපේක්‍ෂා පුද්ගලයින්ට මාර්ගගත භාවිතයෙන් තොරතුරු සැපයීම.

ත්‍රිමාණ තාක්‍ෂණය සහ LED ආලෝකය භාවිතා කරමින් ආකර්ශනීය වර්ණ හා ප්‍රමාණවලින් ප්‍රස්ථාර සහ වගු නිර්මාණය කිරීම.

රූපවාහිනී තිර මාධ්‍යයක් හරහා දකුණු පළාතේ වැදගත් සංඛ්‍යාලේඛන බෙදා හැරීම.

පෝරම හරහා දත්ත එක්රැස් කිරීම සහ දත්තවල සියලු අංශ වෙත ප්‍රවේශ වීම පහසු කිරීම සඳහා මාර්ගගත පරිගණක තාක්ෂණයට ප්‍රවේශ වීමට පහසුකම් සැපයීම.

සංඛ්‍යාලේඛන තොරතුරු, බාගතකිරිම් සහ වෙනත්

සංඛ්‍යා ලේඛණ අංශය