අගයන්, වගකීම් සහ කාර්යභාර්ය

මුල් පිටුව/ අගයන්

සාධාරණත්වය

සම්පත් භාවිතයේදී හා සම්පත් බෙදාහැරීමේ දී සාධාරණත්වය රැකෙන පරිදි කටයුතු කිරීම.

කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය

සේවාවන් ලබාදීමේ දී කාර්යක්ෂම හාඵලදායී ලෙස කටයුතු කිරීම.

විනිවිදභාවය

පිළිගත් නීති රීති හා රෙගුලාසි වලට අනුකූලව විනිවිදභාවයෙන් යුතු ව කටයුතු කිරීම.

සහභාගිත්වය

තීරණ ගැනීමේ දී හා තීරණ ක්‍රියාත්මක කිරීමේදී සඵලදායී සම්බන්ධතාවයක් ගොඩනගමින් සහභාගිත්වයෙන් කටයුතු කිරීම.

ප්‍රතිචාරාත්මක බව

සේවාලාභී අවශ්‍යතා ඉටුකිරීමේදී ප්‍රතිචාරාත්මක බව ඵලදායී ලෙස යොදා ගැනීමට කටයුතු කිරීම..

සන්නිවේදනය

පාර්ශවකරුවන් සමග යහපත් සංවාදයක් පවත්වා ගනිමින් තොරතුරු තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් ඵලදායී ලෙස කටයුතු කිරීම..

කාර්ය සඵලතාවය

අවම කාල පරාසයක් තුළ කාර්ය සඵලතාවයන්හි නිරන්තර වැඩිදියුණුව සඳහා කටයුතු කිරීම.

    වගකීම් හා කාර්ය භාරය

  • පළාතේ පූර්ණ පරිපාලන කටයුතු මෙහෙයවීම.
  • සැලසුම්කරණය හා වැඩසටහන් සමායෝජනය සඳහා වූ ආයතනික ක්‍රියාමාර්ග සැකසීම
  • පළාත් සංවර්ධන උපාය මාර්ග, ප්‍රදේශිය සංවර්ධන සැලැස්ම සැලසුම්කරණය හා වැඩ සමායෝජන සැකසුම් සම්බන්ධයෙන් අවශ්‍ය වන තීරණ ගැනීම සඳහා මග පෙන්වීම.
  • විමධ්‍ය සහගත සැලසුම්කරණය, අයවැය හා වැඩසටහන් සම්බන්ධීකරණය සඳහා මාර්ගෝපදේශකත්වය සැපයීම.
  • ආදායම් හා රජයේ අනෙකුත් ගාස්තු අයකිරීම්, රැස්කිරීම්, කේන්ද්රරගත පාලනය හා අධීක්ෂණය.
  • පළාත් අරමුදල සම්බන්ධව පළාත් සභාවට වගකීමේ අරමුණ ඇතිව මූල්‍ය හා ගිණුම් ක්‍රම ඇතිකිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම, අරමුදල් ලබා ගැනීම, භාරය, ආරක්ෂාව, සමායෝජනය, අපහරණය හා ගිණුම් තැබීම පිළිබඳව යෙදීමට අදාල මුදල් පරිපාලනය.
  • මූල්‍ය කළමණාකරණය හා පූර්වානුමානයන් නියම කිරීම, මූල්‍ය පරිපාලනය සම්බන්ධව උපදෙස් නිකුත්කිරීම, අධීක්ෂණය හා කේන්ද්‍රගත ගිණුම් පැවැත්වීම හා අභ්‍යන්තර විගණන කටයුතු හා හදීසි පරීක්ෂණ කටයුතු සිදු කිරීම.
  • පළාත් සභාවේ විවිධ මට්ටමේ නිළධාරීන් පුහුණු කිරීම, පාඨමාලා සංස්කරණ සම්මේලන සංවිධානය කිරීම තුලින් පරිපාලනය, මූල්‍ය කළමණාකාරීත්වය හා සංවර්ධන උපායමාර්ගයයන් සඳහා නව තාක්ෂණික ප්‍රමවේදයන් හදුන්වාදීම හා වැඩිදියුණු කිරීම.
  • පළාතේ භාණ්ඩාගාරය පවත්වාගෙන යමින් අමාත්‍යාංශවලට හා දෙපාර්තමේන්තුවලට අක්මුදල් නිකුත් කිරීම පාලනය හා ගිණුම් තැබීමේ පරිපාටිය ක්‍රියාත්මක කිරීම.
  • පිරිස් කළමණාකරණය හා කේන්ද්‍රගත අධීක්ෂණය.
  • දකුණු පළාත් සීමාව තුල තිබෙන රජයේ ගොඩනැගිලි තැනීම, නඩත්තුව, අලුත්වැඩියා කටයුතු කිරීම හා අධීක්ෂණ හා උපදේශණ සේවාවන් සැපයීම.