Home /
ශ්‍රී ලංකා නවසීලන්ත මහ කොමසාරිස් සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් අතර හමුවක්..

මෙහි දී දකුණු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් හා විශේෂිත වැඩසටහන් පිළිබඳව සාකච්ඡා විය.මෙම සාකච්ඡාවේදී කෘෂිකර්ම, ක්‍රීඩා ,සත්ව නිෂ්පාදන, අභ්‍යන්තර ධීවර කටයුතු සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා ඉදිරියේ දී නවසීලන්ත රජයේ සහාය දකුණු පළාත් සභාවට ලබා ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර එයට කොමසාරිස්තුමාගේ එකඟතාවය පළ විය