බෝගහපැලැස්ස නිවාඩු නිකේතනය

  • දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන මෙම නිවාඩු නිකේතනය කතරගම -තිස්ස ප්‍රධාන මාර්ගයේ කතරගමට කි.මී. 07 ක් තිස්ස දෙසට වන්නට ඉතා නිස්කලංක බිමක පිහිටා ඇත. එමෙන්ම කතරගම, තිස්ස මෙන්ම ඒ අවට පිහිට අනෙකුත් පුජා භූමි කේන්ද්‍ර කරගනිමින් පිහිටි වන්දනාමාන කටයුතුවල යෙදෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන සියළු දෙනාට නේවාසික විය හැකි රාජ්‍ය ආයතනයකි.
  • සංස්කෘතික විටිනාකම් රැසක් හිමි ලක්වාසි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ කතරගම පුජා භූමියට ඉතා සමීප වන්නට දකුණු පළාතේ මායිමට වන්නට ඉදිකර ඇති මෙම සංචාරක නිකේතනය ඔබගේ නිවාඩුව ගත කිරීමටත්, වන්දනා කටයුතු කර ගැනීමටත් ඉතා අවම මිලක් යටතේ පහසුකම් සපයන ආයතනයකි.
  • එසේම මෙම සංචාරක නිකේතනයේ සියළුම භාණ්ඩ හා පරිසරය අප සැමට අයත් පොදු දේපලක් වශයෙන් රැකබලා ගැනීමත්, මනාව පවත්වා ගැනීමත් නිකේතනය භාවිතා කරන ඔබ සැමගේ වගකීමක් බව අවධාරනය කරමු.

  • බෝගහපැලැස්ස නිවාඩු නිකේතනය පහසුකම්

  • වායු සමනය කළ කාමර - 04 / වායු සමනය නොකල කාමර - 02 / පොදු නේවාසික ශාලා -02 /සියළු පහසුකම් සහිත දේශන ශාලාව/ සියළු මුළුතැන්ගෙයි භාණ්ඩ සහිත මුළුතැන්ගෙය/ආරක්ෂිත රථගාල

  • කාමර හා අනෙකුත් පහසුකම්වලට අදාල ගාස්තු

  • දකුණු පළාත් සභාවේ සේවය කරන නිලධාරීන් හා වෙනත් පුද්ගලයන් වශයෙන් සහ නේවාසිකවන පුද්ගලයන් ගණන අනුව අයකරන ගාස්තු මුදල් වෙනස් වේ.
  • සාමාන්‍ය කාමරයක් - රු. 700/= සිට 1500/= දක්වා
  • වායු සමන කාමරයක් - රු. 1400/= සිට 2500/= දක්වා
  • පුද්ගලයන් 14 දෙනාගේ පොදු නේවාසික ශාලාව (උපරිම නේවාසිකයන් 20) - රු. 4100/= සිට 5980/= දක්වා
  • දේශණ ශාලාව දිනකට (පැය 8 සඳහා)- රු. 4600.00
  • නේවාසික පහසුකම් ලබාගන්නා ආකාරය අනුව මුළුතැන්ගේ ගාස්තු තීරණය කරනු ලබයි.

  • නිකේතනයේ සිට පහසුවෙන් ලගා විය හැකි ස්ථාන

  • කතරගම කිරි වෙහෙර හා කතරගම දේවාලය - කි.මී. 7
  • සිතුල්පව්ව රජ මහ විහාරය - කි.මී. 25
  • සෙල්ල කතරගම පුජා භූමිය - කි.මී. 12
  • කිරින්ද - කි.මී. 18
  • රන්මිනිතැන්න ටෙලිසිනමා ගම්මානය - කි.මී. 3
  • යාල ජාතික වනෝද්‍යානය - කි.මී. 25

  • සියළු වෙන් කිරීම් හා වැඩි විස්තර සඳහා

  • ප්‍රධාන ලේකම් කාර්යාලය- දකුණු පළාත එස්. එච්. දහනායක මාවත, ගාල්ල කාර්යාලය : 091 4944010 / 091 4946365 ආයතන භාර නිලධාරී (රවීන්ද්‍ර) : 047-4934624 / 071 8471897 විෂය නිලධාරී (පුබුදු) : 071 8065318