ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන 2020 ජාතික ඵලදායිතා සම්මාන තරඟයේ අන්තර් අමාත්‍යාංශ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සමත් වී තිබේ..
2007 සහ 2008 වසරවල අන්තර් පළාත් සභා අමාත්‍යාංශ කාණ්ඩය යටතේ කුසලතා සහතික දිනා ගනිමින් ජයග්‍රාහී මාවතකට පිවිසි දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, 2014, 2015 සහ 2018 වසරවල පිළිවෙලින් අන්තර් අමාත්‍යාංශ කාණ්ඩය යටතේ තෙවන ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගනිමින්, 2020 වසර සඳහා පැවති තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම විශේෂ ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයට නායකත්වය දුන් දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා මහතා සහ ඒ සඳහා කැපවූ සමස්ත කාර්ය මණ්ඩලය කෘතඥතාවයෙන් සිහිපත් කරමි.
මෙම ජයග්‍රහණය සඳහා වන සම්මානය මෑතකදී අරලියගහ මන්දිරයේදී ප්‍රදානය කරන ලද අතර දකුණු පළාත් වත්මන් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන් මහතා සහ ප්‍රධාන නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
දකුණු පළාතේ ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු පළාතේ ආයතනවල නිලධාරීන් සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ එක්ව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, ඵලදායිතා සහතික පත්‍ර පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දී ඇති අතර, විවිධ අවස්ථාවන්හිදී දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වනු ලැබේ.
මෙම ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස, 2015 දී ජාතික ඵලදායිතා තරඟයට සහභාගී වූ ආයතන සංඛ්‍යාව 170 ක් වූ අතර, 2018 දී එය 286 ක් විය.
එම ආයතන අතරින්, 2015 දී ස්ථානීය පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ ආයතන සංඛ්‍යාව 135 ක් වූ අතර, එය 2018 දී 181 දක්වා වැඩි විය. ඒ හා සමානව, 2015 දී සම්මානය දිනාගත් ආයතන සංඛ්‍යාව 122 ක් වූ අතර, එය 2018 දී 159 දක්වා වැඩි විය.
පළාත් ඵලදායිතා සම්මාන උළෙලක් පවත්වන ලද අතර එම ආයතන දිරිමත් කිරීම සඳහා මූල්‍ය ත්‍යාග (රු. 9650000.00) ද පිරිනමන ලදී.
2013/2014, 2015/2016 සහ 2017 දී ලබාගත් ISO 9001:2008 තත්ත්ව කළමනාකරණ සහතිකය. 2024 දී ලබාගත් ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතිකය
SH දහනායක මාවත, ගාල්ල
chiefsec1@sltnet.lk
(+94) 091 4119011
(+94) 091-2234052
(+94) 091 2246299
© 2025. All Rights Reserved. Designed by IT Unit, CS