Home / About

ආයතනයේ පසුබිම


දකුණු පළාතේ ජනතාව ඉඳිකිරීම් ක්‍ෂෙත‍්‍රය පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් එක්රැස් කරගෙන ඇති අතර එය අතීතයේදී විහාරස්ථාන, දාගැබ්, වැව් අමුණු හා නිවාස මෙන්ම ඕලන්ද සමයේ ඉඳිකරන ලද ගොඩනැගිලි වල සම්ප්‍රදායන් අප ප‍්‍රදේශයේ ජනතාව තුළ ඇති සුවිශේෂි දක්ෂතාවයන් මනාව පිළිබිඹු කරන සංකේත වේ. විශේෂයෙන්ම අද යුගය හා සලකා බැලීමේදී තත්කාලීන සමාජ වටපිටාව තුළ ඉඳිවන ඉඳිකිරීම් තුළද අප ජනතාවගේ දක්ෂතාවයන් මනාව දැකගත හැකිය. රාජ්‍ය අංශයේ ඉඳිකිරීම් සදහා උපදේශක සේවා සපයන ආයතනයක් වන අප ආයතනය වෙත පැවරී ඇති සුවිශේෂි කාර්ය භාරය වන්නේ මනා නිමාවකින් හා ශක්තිමත් භාවයකින් යුත් ගොඩනැගිලි ඉඳිකර ජනතාවගේ අභිවෘද්ධිය සදහා ලබා දීමයි.

තවද අප සාඩම්බරයෙන් සිහි කල යුතු කරුණක් වනුයේ අප ආයතනය දැනට පළාත තුළ ඉදිරියෙන්ම සිටින උපදේශක සේවා සපයන ආයතනය වේ. අප ආයතනය 1991 වර්ෂයෙන් ආරම්භ වී කෙටිකාලීන කාල පරිච්ජේදයක් තුළදී විශාල මෙහෙවරක් කරමින් ප‍්‍රදේශයේ ජනතාව ගේ අපේක්ෂාවන් ඉටු කර දෙමින් රටක් තුල සමෘද්ධිමත්ම පළාත් සභාවක් බිහි කිරීමේ නොමද සහයෝගය ලබා දී ඇත. වර්ෂ 1994 මෙම ආයතනය නව මුහුණුවරකින් යුක්තව නවීකරණය විය. එම නව ක්‍රමය තුළ කාර්යාලීය මුහුණුවර වෙනස් වූ අතර එහි ආයතන ප්‍රධානියා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ලෙස නම් කෙරිණි. මෙම ව්‍යුහය යටතේ නව තනතුරු කිහිපයක් ආයතනයේ ස්ථාපිත කෙරිණි.

  • ගොඩනැගිලි අධ්‍යක්ෂ
  • වාරිමාර්ග අධ්‍යක්ෂ
  • දකුණු පළාතේ දිස්ත්‍රික්ක 03 ආවරණය වන පරිදි (ගාල්ල, මාතර හා හම්බන්තොට)දිස්ත්‍රික් ඉංජිනේරු තනතුරු 03 ක්ද ස්ථාපිත කරන ලදි. මීට පරිබාහිරව අභ්‍යන්තර ආයතනික ව්‍යුහයේ ද සුවිශේෂ වෙනස්කම් රාශියක් සිදු කර ඇත.
  • ව්‍යුහාත්මක සැලසුම් ඒකකයක් ප්‍රධාන ඉංජිනේරු ව්‍යුහාත්මක සැලසුම් නිර්මාණ යටතේ වර්ෂ 1995 දී ස්ථාපිත කෙරිණි.
  • වර්ෂ 1996 දි ආයතනයට නව මානයක් ගෙන දෙමින් වාස්තු විද්‍යා ඒකකයක් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පි යටතේ ආයතනය තුළ ස්ථාපනය කෙරිණි.
  • 2008 වර්ෂයට අප ආයතනයට ඉංජිනේරුමය ආයතනයක් ලෙස සදානුස්මරණීය වර්ෂයක් වන අතර එයට ප්‍රධාන හේතුව අප ආයතනය ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් වරලත් විභාගයට පෙනී සිටීමට පුහුණු වන ඉංජිනේරුවන් සඳහා ඔවුන්ගේ පුහුණූව ලබා දීමට පිළිගත් ආයතනයක් සේ අනුමැතිය ලැබීමයි.
  • දකුණු පළාත් ඉංජිනේරු සේවා ආයතනය ආරම්භයේදී සීමිත මානව හා භෞතික සම්පත් වලින් යුක්තව ආරම්භ වුවද අප විසින් මේ දක්වා ඉටුකරන ලද කාර්ය භාරය සුවිශේෂ ස්ථානයක් උසුලයි. ආරම්භයේදී ඉංජිනේරුවන් 04 දෙනෙකුගෙන්ද තාක්ෂණ නිලධාරී 88 දෙනෙකුගෙන්ද ලිපිකරු කාර්ය මණ්ඩලය 34 දෙනෙකුගෙන්ද යුක්තව ආරම්භ වූ මෙම ආයතනය අදවන විට වරලත් හා උපාධිධාරි ඉංජිනේරුවන් 11 දෙනෙකුගෙන්ද, විදුලි ඉංජිනේරු දෙදෙනෙකුගෙන්ද, වාස්තු විද්‍යාඥයින් තිදෙනෙකුගෙන්ද, ගණකාධිකාරී, පරිපාලන නිලධාරී, තාක්ෂණ නිලධාරි 239 දෙනෙකුගෙන්ද, සංවර්ධන නිලධාරී 12,කළමනාකරණ සේවා නිලධාරීන් 49 දෙනෙකුද, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සහකාරවරුන් තිදෙනෙකුගෙන්ද, විදුලි කාර්මිකවරුන් තිදෙනෙකුගෙන්ද, අනෙකුත් කාර්ය මණ්ඩලය 30 දෙනෙකු දක්වා වර්ධනය වී ඇත. එදා මෙදා තුළ කාලය තුලදී අප විසින් ඉටුකරනු ලැබූ සේවාව අනභිබවනීය අයුරින් හා ප්‍රශස්ථ ලෙස ඉටුකර ඇති බව අපගේ විශ්වාසයයි.




    ආයතනික දැක්ම

    ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ තිරසර සංවර්ධනයට දායක වෙමින් 2025 වර්ෂයේ දී විශිෂ්ඨතම පළාත් ඉංජිනේරු සේවා කාර්යාලය වීම.

    ආයතනික මෙහෙවර

    නවීන තාක්ෂණය, පරිසර හිතකාමී බව හා ඉංජිනේරු විද්‍යාවේ මූලධර්මයන් පෙරදැරි කර ගනිමින් රාජ්‍ය ආයතන වල ඉදිකිරීම් හා ඉදිකිරීම් සේවා ආශ්‍රිත සියළු ම ඉංජිනේරුමය උපදේශන සේවාවන් ලබා දීම තුලින් දකුණු පළාතේ සමස්ත ප්‍රජාවට වඩාත් ඵලදායී ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කර දීම.

    ආයතනික පරමාර්ථ

    ව්‍යාපෘතියක අරමුණ පරිපූර්ණ වන පරිදි සැලසුම් කිරීම, ඉදිකිරීම් කිරීම හා උපදේශක සේවාවන් ලබා දීම.

    ආයතනික ධාරිතාවය සංවර්ධනය කිරීම.

    විනිවිදභාවය වැඩි දියුණු කිරීම

    සේවක තෘප්තිය වැඩි දියුණු කිරීම.

    නව තාක්ෂණය භාවිතය තුලින් ක්‍රමවේද වැඩිදියුණු කිරීම.

    පර්යේෂණ, නවෝත්පාදනය සහ නිර්මාණාත්මක චින්තනය වැඩි දියුණු කිරීම.

    නව සේවාවන් උත්පාදනය.

    බලශක්ති සංරක්ෂණය උදෙසා හරිත සංකල්පමය ඉදිකිරීම් කිරීම.

    ආයතනික සේවාවන්

    රාජ්‍ය අංශයේ ඉඳිකිරීම් වලට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා උපදේශාත්මක සේවාව ලබා දීම.

    තාක්ෂණ අංශයේ නිලධාරීන්ගේ පුහුණුවීම් හා ඔවුන් සතු මානව සම්පත් හැකියාවන් වැඩිදියුණු කිරීම.

    ඉඳිකිරීම් කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය හා ඊට අදාල පසු විපරම් කිරීමේ කටයුතු..

    ඉඳිකිරීම් ව්‍යාපෘතිවල තත්ත්ව පාලනය හා තත්ත්ව කළමනාකරණය.

    ව්‍යුහාත්මක සැලසුම් නිර්මාණය කිරීම හා වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය කිරීම.

    ගොඩනැගිලි ඉඳිකිරීම් විෂය ක්‍ෂෙත‍්‍රයට අදාළ සියලුම මිළ ගණන් සකස් කිරීම හා අනුමත කිරීම..

    පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතනවල සේවය කරන තාක්ෂණ නිලධාරීන්ගේ සේවා මට්ටම ප්‍රවර්ධනය කිරීම හා ඔවුන් වඩාත් දැනුමැති පිරිසක් බවට පත් කිරීම සදහා උරදීම.

    පළාත තුළ පවත්නා අනෙකුත් ඉංජිනේරු ආයතනයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම හා ඒම ආයතන සමග දැනුම බෙදා ගැනීමට කටයුතු කිරීම.

    කොන්ත්‍රාත්කරුවන් සවිබල ගැන්වීම හා ඔවුන්ගෙන් වඩාත් ඵලදායීසේවාවක් ලබා ගැනීම සදහා ඉක්ටෑඩ් ආයතනය හා කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමය සමග මනා සහභාගීත්වයකින් යුතුව කටයුතු කිරීම.

    අප ආයතනයේ විවිධ සේවාවන්

    බාගත කිරිම්
    බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ බාගත කිරිම්

    චක්‍රලේඛ බාගත කිරිම්
    චක්‍රලේඛ බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ චක්‍රලේඛ බාගත කිරිම්

    අයදුම්පත්‍ර බාගත කිරිම්
    අයදුම්පත්‍ර බාගත කිරිම්

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය විවිධ අයදුම්පත්‍ර බාගත කිරිම්

    නිතර අසන පැන
    FAQ

    අපගේ ආයතනය මගින් ඔබට අවශ්‍ය නිතර අසන පැන