071 8065318
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන මෙම නිකේතනය හම්බන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ ලුණුලේවාය හන්දිය ආසන්නයට වන්නට ඉතා නිස්කලංක රමනීය වැව් ඉස්මත්තක පිහිටා ඇත. එමෙන්ම හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති කේන්ද්‍ර කරගනිමින් පිහිටි රාජකාරි කටයුතු වල මෙන්ම විනෝද සංචාරවල යෙදෙන රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට නේවාසික විය හැකි රාජ්‍ය ආයතනයකි.
දකුණු පුරවරයට අළුතින් එක් වු විනෝදාස්වාද ස්ථානයන්ට පහසුවෙන් ලගාවිය හැකිව ඉදිකර ඇති මෙම සංචාරක නිකේතනය ඔබගේ නිවාඩුව ගත කිරීමටත්, රාජකාරි කටයුතු කර ගැනීමටත් ඉතා අවම මිලක් යටතේ පහසුකම් සපයන ආයතනයකි.
එසේම මෙම සංචාරක නිකේතනයේ සියළුම භාණ්ඩ හා පරිසරය අප සැමට අයත් පොදු දේපලක් වශයෙන් රැකබලා ගැනීමත්, මනාව පවත්වා ගැනීමත් නිකේතනය භාවිතා කරන ඔබ සැමගේ වගකීමක් බව අවධාරනය කරමු.
කාමර හා අනෙකුත් පහසුකම්වලට අදාල ගාස්තු
දීප ව්‍යාප්ත සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට හා මහජන නියෝජිතයන්ට පහසුකම් ලබා ගත හැක.
කාමර පහසුකම්
වායු සමන කාමර - ද්විත්ව 1000/=, ත්‍රිත්ව 1500/=
ප්‍රනීත ආහාර පාන
ඔබට අවශ්‍ය ආහාරපාන පහසුකම් පවති