දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන මෙම නිවාඩු නිකේතනය කතරගම -තිස්ස ප්‍රධාන මාර්ගයේ කතරගමට කි.මී. 07 ක් තිස්ස දෙසට වන්නට ඉතා නිස්කලංක බිමක පිහිටා ඇත. එමෙන්ම කතරගම, තිස්ස මෙන්ම ඒ අවට පිහිට අනෙකුත් පුජා භූමි කේන්ද්‍ර කරගනිමින් පිහිටි වන්දනාමාන කටයුතුවල යෙදෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන සියළු දෙනාට නේවාසික විය හැකි රාජ්‍ය ආයතනයකි.
සංස්කෘතික විටිනාකම් රැසක් හිමි ලක්වාසි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ කතරගම පුජා භූමියට ඉතා සමීප වන්නට දකුණු පළාතේ මායිමට වන්නට ඉදිකර ඇති මෙම සංචාරක නිකේතනය ඔබගේ නිවාඩුව ගත කිරීමටත්, වන්දනා කටයුතු කර ගැනීමටත් ඉතා අවම මිලක් යටතේ පහසුකම් සපයන ආයතනයකි.
එසේම මෙම සංචාරක නිකේතනයේ සියළුම භාණ්ඩ හා පරිසරය අප සැමට අයත් පොදු දේපලක් වශයෙන් රැකබලා ගැනීමත්, මනාව පවත්වා ගැනීමත් නිකේතනය භාවිතා කරන ඔබ සැමගේ වගකීමක් බව අවධාරනය කරමු.
For More Details :
Years of Luxury Hospitality Experience
ඔබගේ නිවාඩුව සුවපහසු, සාමකාමී සහ ආර්ථිකමය අයුරින් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සහිත දකුණු පළාතේ විශිෂ්ට නවාතැන් පහසුකම් සපයන ස්ථානයකි.
කතරගම - තිස්ස ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි මෙම නිකේතනය වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට ඉතා පහසු ස්ථානයකි.
AC සහ Non-AC කාමර, පිරිසිදු පරිසරය සහ නිදහස් නවාතැන් පහසුකම් සමඟ ඔබගේ ගමන සුවපහසු කරයි.
ආරක්ෂිත වාහන නවතා තැබීමේ පහසුකම් සහ 24/7 සහාය සේවාවන් සමඟ ආරක්ෂිත නවාතැනක් ලබා දේ.
බෝගහපැලැස්ස නිවාඩු නිකේතනය ඔබට නිස්කලංක පරිසරයක සුවපහසු නවාතැන්, රසවත් ආහාර, විවේකී පරිසරයක් සහ ආගමික වන්දනා ගමන් සඳහා පහසුකම් සපයයි.
බෝගහපැලැස්ස නිවාඩු නිකේතනයට ආසන්න ආගමික සහ සංචාරක ස්ථාන