මයුරපුර නිවාඩු නිකේතනය

මුල් පිටුව / නිවාඩු නිකේතනය

මයුරපුර නිවාඩු නිකේතනය

  • දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ සෘජු අධීක්ෂණය යටතේ පාලනය වන මෙම නිකේතනය හම්බන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ ලුණුලේවාය හන්දිය ආසන්නයට වන්නට ඉතා නිස්කලංක රමනීය වැව් ඉස්මත්තක පිහිටා ඇත. එමෙන්ම හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති කේන්ද්‍ර කරගනිමින් පිහිටි රාජකාරි කටයුතු වල මෙන්ම විනෝද සංචාරවල යෙදෙන රජයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට නේවාසික විය හැකි රාජ්‍ය ආයතනයකි.
  • දකුණු පුරවරයට අළුතින් එක් වු විනෝදාස්වාද ස්ථානයන්ට පහසුවෙන් ලගාවිය හැකිව ඉදිකර ඇති මෙම සංචාරක නිකේතනය ඔබගේ නිවාඩුව ගත කිරීමටත්, රාජකාරි කටයුතු කර ගැනීමටත් ඉතා අවම මිලක් යටතේ පහසුකම් සපයන ආයතනයකි.
  • එසේම මෙම සංචාරක නිකේතනයේ සියළුම භාණ්ඩ හා පරිසරය අප සැමට අයත් පොදු දේපලක් වශයෙන් රැකබලා ගැනීමත්, මනාව පවත්වා ගැනීමත් නිකේතනය භාවිතා කරන ඔබ සැමගේ වගකීමක් බව අවධාරනය කරමු.

  • මයුරපුර නිවාඩු නිකේතනයේ කාමර හා අනෙකුත් පහසුකම්

  • කාමර හා අනෙකුත් පහසුකම්වලට අදාල ගාස්තු

  • කාමර හා අනෙකුත් පහසුකම්

  • ප්‍රභූ කාමර 02 දීප ව්‍යාපත් සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට හා මහජන නියෝජිතයන්ට පහසුකම් ලබා ගත හැක.
  • නිකේතන ප්‍රභූ කාමර - 02 / ත්‍රිත්ව වායුසමනය කාමර - 04/ ද්විත්ව වායු සමන කාමර - 01
  • සාමාන්‍ය වායු සමන කාමර 05 හි සාමාන්‍ය පරිදි නේවාසික පහසුකම් ලබාගත හැකිය
  • කාමර හා අනෙකුත් පහසුකම්වලට අදාල ගාස්තු

  • ප්‍රභූ කාමරයක් - රු. 4000.00
  • ත්‍රිත්ව කාමරයක් - රු. 2500.00
  • ද්විත්ව කාමරයක් - රු. 2000.00

  • නිකේතනයේ සිට පහසුවෙන් ලගා විය හැකි ස්ථාන

  • වියලි කලාපීය උද්භිත උද්යාානය - කි.මී. 5
  • මිරිජ්ජවිල කුරුළු උයන - කි.මී. 10
  • රිදියගම සෆාරි උද්‍යානය - කි.මී. 25
  • මදුනාගල උනුදිය උල්පත් - කි.මී. 25

  • සියළු වෙන් කිරීම් හා වැඩි විස්තර සඳහා

  • ප්‍රධාන ලේකම් කාර්යාලය- දකුණු පළාත එස්. එච්. දහනායක මාවත, ගාල්ල කාර්යාලය : 091 4944010 / 091 4946365 නිකේතන රැකවල්කරු (මිලන්) : 047 2222944/ 071 6063188 විෂය නිලධාරී (පුබුදු) : 071 8065318