පිරිස් අංශය
ලිපි ලැයිස්තුව
Page 1 of 2
පිරිස් අංශයේ කාර්යභාරයන්
- දකුණු පළාත් සභාව තුළ පවත්නා සියලුම තනතුරු පුරප්පාඩු ගරු ආණ්ඩුකාරතුමන්ගේ අනුමැතියට යොමු කිරීම.
- රාජ්‍ය කළමනාකරණ සහකාර,සංවර්ධන නිලධාරී,තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහකාර,කාර්යාල සේවක සේවය,අභ්‍යන්තර විගණන නිලධාරී හා ගරු පළාත් සභා අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල යන තනතුරුවලට බඳවා ගැනීම් සිදු කිරීම.
- ප්‍රධාන ලේකම් පත්වීම් බලධරයා වන සියලුම තනතුරුවල බඳවා ගැනීම් හා උසස් කිරීම් පරිපාටි සකස් කිරීම හා අනෙකුත් පළාත් සභා අමාත්‍යාංශවල බඳවා ගැනීම් හා උසස් කිරීම් පරිපාටි ජාතික වැටුප් කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කිරීම හා අනුමැතිය ලද පසුව ගරු ආණ්ඩුකාරතුමන්ගේ අනුමැතියට යොමු කිරීම.
- ශ්‍රී ලංකා පරිපාලන සේවය,ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය යනාදී සියලුම දීප ව්‍යාප්ත සේවාවන්ට අදාළ අනුයුක්ත කිරීම්,වැඩ බැලීමට පත් කිරීම්,අන්තර්ග්‍රහණය කිරීම්,පළාත් රාජ්‍ය සේවයෙන් මුදා හැරීම් යනාදිය සිදු කිරීම.
- ප්‍රධාන ලේකම් පත්වීම් බලධරයා වන සියළුම සේවාවන්වල නිලධාරීන්ගේ විනය කටයුතු සිදු කිරීම.
- ප්‍රධාන ලේකම් පත්වීම් බලධරයා වන නිලධාරීන් පළාත් රාජ්‍ය සේවයෙන් මුදා හැරීම් හා ඉල්ලා අස්වීම් සිදු කිරීම.
- පළාත තුළ නව තනතුරු ඇති කිරීම හා අනුමත තනතුරුවල සංශෝධන සිදු කිරීම.
- රාජකාරී විදේශ නිවාඩු ගරු ආණ්ඩුකාරතුමන්ගේ අනුමැතියට යමු කිරීම.
- දේශීය හා විදේශීය පුහුණු සම්බන්ධව පළාත් සභාවේ නිලධාරීන් දැනුවත් කිරීම.(අදාළ පුහුණු පිලිබඳ තොරතුරු මෙම වෙබ් අඩවිය තුළ පළ කරනු ලැබේ).
- අන්තර් පළාත් ස්ථාන මාරු,පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණ කිරීම් හා පරිගණක ප්‍රායෝගික පුහුණු සම්බන්ධ කටයුතු සිදු කිරීම.
සහකාර ප්‍රධාන ලේකම් (පිරිස්)
සදිශානි යද්දෙහිගේ මහත්මිය
දු.ක.: +94-91-2247719
- පෙර
- ඊළඟ>>