ආයුබෝවන්! දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය නිල වෙබ් අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු.

ප්‍රධාන ලේකම් කාර්යාලය

ප්‍රධාන ලේකම් කාර්යාලය

පළාතේ විධායකය හා ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණ හා තීන්දු සම්බන්ධව සියඑම අමාත්‍යාංශවලට දැන්වීම හා සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීමේ කාර්යය ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත. ඊට අමතරව පළාත් සභා මට්ටමින් බාහිරව ජනාධිපති ලේකම් කාර්යාලය, මහා භාණ්ඩාගාරය, මුදල් කොමිෂන් සභාව, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය හා රේඛීය අමාත්‍යාංශ වලින් පළාත් සභා වෙත ලබාදෙනු ලබන උපදෙස් හා කාර්යයන් සම්බන්ධීකරණය ප්‍රධාන ලේකම් කාර්යාලය හරහා සිදුවේ.

 

අපගේ දැක්ම

භාවිත‍යෙන් අර්ථවත් ‍කෙ‍රෙන යහපාලනය තුලින් සෞභාග්‍යමත් දකුණු පළාතක්.

අපගේ මෙහෙවර

දකුණු පළාත තුල පවතින මානව, මූල්‍ය හා භෞතික සම්පත් කළමණාකරණ සංකල්පයන් මත කාර්යක්ෂමව සහ සඵලදායීව ‍මෙ‍හෙයවීම තුලින් පළාත තුල ආර්ථික සහ සමාජයීය සංවර්ධනය ඉහල තලයකට ‍ගෙන ඒම සහ ජාතික ආර්ථිකයට ඉහල දායකත්වයක් ලබා දීම.